Loading...
Sworn_Translation_Sri_Lanka

අප ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ම භාෂා පරිවර්තන සේවාව

Lexique Language Solutions යන ව්‍යාපාර නාමය යටතේ කටයුතු කරන අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දිවුරුම්දුන් භාෂා පරිවර්තන සේවාවකි. ශිෂ්‍ය වීසා, රැකියා වීසා, ඇතුලු විවිධ අවශ්‍යතා සහා විදේශගතවීමේ දී අවශ්‍ය වන නෛතික ලිපිලේඛනවල ඉංග්‍රීසි පරිවර්තන ඔබට අප වෙතින් ලබා ගත හැකි ය. අපගේ සියලුම භාෂා පරිවර්තන ශ්‍රි ලංකාවේ අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද ප්‍රවීණ දිවුරුම්දුන් භාෂා පරිවර්තකයන් විසින් සිදුකරන බැවින් ලොව ඕනෑම රටක වීසා බලධාරීන් විසින් ඒවා නිසි නෛතික ලේඛන ලෙස පිළිගැනේ.

දිවයින පුරා නොමිලේ බෙදාහැරීම

ඉක්මන් විශ්වාසවන්ත සේවාව

රජයේ දිවුරුම්දුන් භාෂා පරිවර්තකයන් විසින් සහතික කිරීම

පැය කිහිපයකින් ම සහතික කළ පරිවර්තනවල ස්කෑන් පිටපත් ලබාගැනීමට හැකිවීම

Our Team

Our Lexique Language Solutions Team

Sworn_Translator_Sachintha_Madhushan

K. G. Sachintha Madhushan

Sworn Translator (English/Sinhala) Registration No. 2024/LL/GL/004

Sworn_Translator_Ananda_Gamage

Ananda Gamage

B. A. (English)
Sworn Translator (English/Sinhala)
Registration No.2025/LL/GL/007

අපේ සේවාදායක ප්‍රතිචාර

සේවාදායකයන් අප ගැන පවසන දේ

Read All Reviews

නිති විමසන පැණ

නිතර විමසන පැණවලට පිළිතුරු ලබාගන්න

ඔව්. අපගේ භාෂා පරිවර්තන වීසා ලබාගැනීම ඇතුලු සියලුම නෛතික අවශ්‍යතා සදහා වලංගු ය.

Lexique Language Solutionsහි සියලුම භාෂා පරිවර්තන සහතික කිරීම සිදුකරන්නේ අධිකරණ අමාත්‍යාංශය පත් කළ ඉංග්‍රීසි-සිංහල දිවුරුම්දුන් භාෂා පරිවර්තකයකු වන සචින්ත මධුෂාන් විසිනි (ලියාපදිංචි අංක: 2024/LL/GL/004) දිවුරුම්දුන් භාෂා පරිවර්තකයකු විසින් සහතික කරන ලද ඕනෑම පරිවර්තනයක් සියලුම විදේශ තානාපති කාර්යාල, විදෙස් විශ්වවිද්‍යාල සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ද එකසේ පිළිගනී.

නිසැක ව ම. ඔබට අප සේවාව ඔන්ලයින් ක්‍රමයට ලබාගත හැකි යි.

ඔබ කළ යුත්තේ පරිවර්තනය කළ යුතු ලියවිලිවල පැහැදිලි ඡායාරූප හෝ ස්කෑන් පිටපත් අප වෙත ඊමේල් මගින් හෝ වට්ස්ඇප් මගින් හෝ එවීම පමණයි. පරිවර්තන කර නිල මුද්‍රාව තබා අත්සන් කළ පිටපත්වල ස්කෑන් පිටපත් ඔබට ඉතා ම කෙටි වේලාවකින් ලබා ගත හැකි යි. මුද්‍රිත පිටපත් ද ඔබට ශ්‍රී ලංකාව තුළ අධිවේගී තැපෑලෙන් (අමතර ගාස්තුවකින් තොර ව ම) ගෙන්වා ගත හැකි යි.

විදේශගතවීමට අවශ්‍ය පහත සදහන් ලියවිලි ද ඇතුලු ව විශාල පරාසයක නෛතික ලේඛන ගණනකට අප පරිවර්තන ලබා ගත හැකි යි.

  • උප්පැන්න, විවාහ හා මරණ සහතික
  • ග්‍රාම නිළධාරී සහතික
  • ව්‍යාපාර හා සමාගම් ලියාපදිංචි කිරීමේ සහතික
  • පාසල් හැරයාමේ සහතික සහ අධ්‍යාපනික වාර්තා
  • ජාතික හැදුනුම්පත්
  • ඔප්පු හා බදු ගිවිසුම්
  • අධිකරණ තීන්දු ප්‍රකාශ/දිවුරුම් ප්‍රකාශ
  • පත්වීම් ලිපි සහ සේවා සහතික

ඔව්. ඉංග්‍රීසි-සිංහල හැර සෙසු භාෂා යුගළ සදහා ද අප වෙතින් සහතික කළ පරිවර්තන ලබා ගත හැකි යි.

ඔව්. අපගේ දිවුරුම්දුන් භාෂා පරිවර්තන සේවාව ඉංග්‍රීසි-මසිංහල භාෂා වෙනුවෙන් වුවත් සෙසු භාෂා වෙනුවෙන් ද අපට සහතික කළ පරිවර්තන (දිවුරුම්දුන් භාෂා පරිවර්තන නො වේ.) ලබා දිය හැකි යි. අප සමග කටයුතු කරන වෘත්තීය භාෂා පරිවර්තක ජාලය හරහා අපට ඒ ිසදු කළ හැකි යි. ඔබට අවශ්‍ය ලියවිල්ල සහ භාෂාව අප වෙත දැනුම් දී අප සතුව එය සිදු කළ හැකි පරිවර්තකයන් සිටී ද යන්නත්, ගතවන කාලය සහ මිල ගණනුත් ඔබට දැනගත හැකි යි.

Image
WhatsApp